hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 26, පෙ.ව. 10:26



ඉදිරි මාසයක කාලය තුළ තම ව්‍යාපාරය සියල්ල කඩා වැටීමේ අවදානමකට ලක් වන බව ඇතැයි ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය සඳහන් කරනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් තව තම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බව ඔවුන් සඳහන් කරනවා.

මෙතෙක් කල් තම ව්‍යාපාර පවත්වාගෙන ආවේ ඉතුරු කරගත් මුදල් වලින් බවත් තවත් ඉදිරියට එසේ කරගෙන යාම ඉතා අසීරු තත්ත්වයකට දැන් පැමිණ තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මුදල් අච්චු ගහන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් නමුත් එවිට පෞද්ගලික අංශයේ සේවකයන්ට සිදුවන්නේ කුමක්දැයි සංගමයේ සභාපතිනි ටානියා අභයසුන්දර මහත්මිය ප්‍රශ්න කළා.

රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ මුදල් අච්චු ගැසීමෙන් නම් තමන්ට ද මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය බැගින් ලබා දෙන්නැයිද ඇය ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය තවදුරටත් මෙසේද අදහස් දක්වා සිටියා,

“ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නියෝජනය කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. ඒවා රැක ගැනීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කළේ නැහැ. සියලු දෙනාම තමන්ව ගොඩ යාමට අපිව පාවිච්චි කළා. අද අපි හිඟා කන තත්වයට වැටිලා තියෙනවා. රටේ ආර්ථිකයේ ප්‍රධාන කොදු නාරටිය  වූ අප මහ පාරට වැටිලා.

තමන් රටට මොනවද කළේ කියලාතමන්ගේ හෘද සාක්ෂියට තට්ටු සාක්ෂියට තට්ටු කරල බලන්න කියලා පාර්ලිමේන්තුවේ 225 ටම අපි කියනවා. රජයේ සේවකයන්ට වැටුප් ගහන්න සල්ලි අච්චු ගහන්න වෙනවා කියලා දැන් අගමැති තුමා කියනවා. අපේ මිනිස්සුන්ට අද වැටුප් ගෙවා ගන්න බැංකු ණය ගෙවා ගන්න විදියක් නැහැ. අපි වෙනුවෙන් මේ රජයට කිසිම වැඩපිළිවෙළක් නැහැ. කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයා රැකගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් අපි ඉල්ලා සිටිනවා.”