hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2022 මැයි 24, පෙ.ව. 11:10



කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ වන විට ප්‍රවෘත්ති දෙපාර්තම්නේතුවේදී පැවැත්වෙනවා.

එයට සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍යවේදීන් සහභගි වෙනවා.

ඒ අතරතුර කැබිනට් තීරණ දැනුම් දීමේ අමාත්‍යවරුන්ගේ කැබිනට් තීරණ දැනුම් දීමෙන් පසු මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම ආරම්භ වුණා.

එම ප්‍රශ්න කිරීම සඳහා පළමුවෙන් ඉදිරිපත් වූ මාධ්‍යවේදියා වූ අසන්ක අතපත්තු මහතා අදහස් දක්වමින් අමාත්‍යවරුගෙන් ප්‍රශ්න කළේ පළමු කැබිනට් තීරණය තෙල් මිල වැඩි කිරීම බවත් එය මාධ්‍යවේදීන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද දරා ගැනීම අපහසු බවයි.

ඒ අනුව ඔහු ඒ සම්බන්ධයෙන් විරෝධය දක්වමින් සිය හිසේ කළු පටියක් බැද එම මාධ්‍ය හමුවට සහභාගී වුණා.