hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 01, පෙ.ව. 7:14



2023 නව වසර වෙනුවෙන් කැලැන්ඩර් හා දිනපොත් මුද්‍රණය සියයට 80 ක් 90 ක් පමණ ඇනහිට ඇතැයි ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති, සමස්ත ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුශාසක ආරියදාස වීරමන් මහතා පැවසුවා.

මේ අනුව මෙම කැලන්ඩර්, දිනපොත් මෙන්ම ග්‍රන්ථ මුද්‍රණය කිරීම අද සිහිනයක් බවට පත්වී ඇතැයි ඔහු සඳහන් කළා.

රටේ පැන නැගී තිබෙන ඩොලර් අර්බුදය අනුව කඩදාසි මිල අද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය ඉතා ඉක්මනින් විසඳීමට අදාළ වගකිවයුත්තන් පියවර ගත යුතුව ඇති බවද ඒ මහතා කියා සිටියා.

මේ අතර අධිකරණ බන්ධනාගාර පුරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.