hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 11, පෙ.ව. 12:28



පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමට ප්‍රමාණවත් බහුතරයක් නොමැති ආයතන සඳහා බලය පිහිටුවීමට තරගයක් මේ වන විට රට පුරා ඇතිව තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබාදීමට ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වෙමින් ඇති බව විපක්ෂ මන්ත්‍රීන් චෝදනා කරති.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර් චෝදනා කරන්නේ ඉතිරි දින කිහිපය ඇතුළත මෙම හඬපට ප‍්‍රසිද්ධ කරන බවය.

කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සඳහා රුපියල් කෝටි දෙකක් ලබාදීමට යෝජනා වී ඇති බවත් ඈත ප්‍රදේශයන්හි ලක්ෂ දහයේ සිට ඉහළට ලන්සු නියම වෙමින් ඇති බවත් ඔවුන් කියා සිටිති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: