hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 07, ප.ව. 4:26



ව්‍යාජ දළඳා මාළිගාවක් ඉදිකරමින් පවතින බවට චෝදනා එල්ල වන ජානක සේනාධිපති නම් පුද්ගලයා අද (06) මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා.

තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු එහිදී සඳහන් කළේ දළදා වහන්සේ වැඩ සිටින්නේ මහනුවර දළදා මාළිගයේ බවට තමන්ද පිළිගන්නා බවයි.

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ජානක සේනාධිපති නමැති පුද්ගලයෙක් ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් සිටින බව පවසමින් මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේලා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබුණා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා.

මේ අතර, ජනහිත පෙරමුණ සංවිධානය ඊයේ මහනුවර ගැටඹේ රාජෝපවනාරාමය වෙත ගොස් ජානක සේනාධිපතිගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් දැනුවත් කර තිබුණා.

විහාරාධිපති හිමියන් වෙත කරුණු පැහැදිලි කරමින් සිටින අතරවාරයේ ඔහුට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ද පැමිණියා.