hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 17, පෙ.ව. 7:25



ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු එම විශ්වවිද්‍යාලයේ උප නේවාසිකාගාර පාලක නක්කලගොඩ යෝගානන්ද හිමිට තර්ජනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් උන් වහන්සේ විශ්වවිද්‍යාලයේ පාලක අධිකාරිය දැනුවත් කර තිබෙනවා.

පැවිදි හා ගිහි සිසුන් කණ්ඩායමක් පැමිණ නිල නිවාස සහ ශාලාධිපති නිල නිවාස අසල කෑගසමින් මෙසේ තර්ජනය කර ඇතැයි උන්වහන්සේ කියා සිටියා.

“බුදුන් වඳින්න මේක පන්සලක්ද. මේක විශ්ව විද්‍යාලයක් කියලා තොපි දන්නැද්ද. බුදුන් වදින්න ආවොත් බාවනවා” යැයි එම පොලු මුගුරු රැගත් සිසුන් සහ භික්ෂු සිසුන් ප්‍රකාශ කළේ යැයිද උන්වහන්සේ පැමිණිලි කර තිබෙනවා.