hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 20, පෙ.ව. 10:19



හෝමාගම පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නවකවදය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අද දින සිට දින කිහිපයකට වසා දැමීමට එහි උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියන් තීරණය කරනු ලැබුවා.

මුලින් එම තීරණයට විරෝධය පළ කළ එම බෞද්ධ හා පාලි විශ්ව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය උදෙසා තමන් නේවාසිකාගාර වලින් ඉවත් වන බවයි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය මිදැල්ලෑවේ සිරිරතන හිමියන් මෙසේ සදහන් කළා,

“මට විශාල වගකීමක් තියෙනවා ශිෂ්‍යයන් ගේ ජීවිත පිළිබඳව. ඒ අනුව ශිෂ්‍ය සංගමය හැටියටත් අපි දැනුම් දීමක් කරලා තියනවා නේවාසිකාගාර වලින් හවස 4:00 වන විට යන්න කියලා. මොකද ශිෂ්‍යයන්ගේ ජීවිත වලට යම් කිසි ප්‍රශ්නයක් වෙනවා නම් ඒකට පාලන අධිකාරිය විතරක් නෙමෙයි ශිෂ්‍ය සංගමය හැටියට මමත් අපිත් වගකිව යුතුයි. දැන් අපිට ආරංචි තියෙන්නේ ආරක්ෂක අංශ යොදවලා නේවාසිකාගාර වලින් ඉවත් නොවුනොත් ශිෂ්‍යයෝ ඉවත් කරනවා. එතැනදී යම්කිසි ගැටුමක් ඇති වුනොත් අපිට වගකියන්න වෙනවා.”