hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 20, ප.ව. 12:28



ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය හෝමාගම පිටිපන ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් පසු ශිෂ්‍ය සංගම්වල ග්‍රහණයට හසුව මුදා නොගත් ප්‍රදේශ බවට පත්ව තිබූ විශ්ව විද්‍යාල සිසු නේවාසිකාගාර ඉතිහාසයේ පලමු වරට විශ්ව විද්‍යාල පරිපාලනය යටතට ගෙන මුදා ගැනීමට  හැකි වූ බව  ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියෝ පැවසූවා.

විශ්ව විද්‍යාලය දින නියමයකින් තොරව ඊයේ (19) සිට වසා දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ එම අදහස් පල කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියන්,

“සමහර පොඩි හාමුදුරුවරුන්ට ඒ පන්සල් වල ලොකු හාමුදුරුවරු කතා කරන්නේ පුතේ කියලා. එච්චර ආදරෙන් කතා කරලා එවන ශිෂ්‍යයෝ තමයි මෙහෙට ආවට පස්සේ ශිෂ්‍ය සංගම් වල උදවිය වැරදි මාර්ග වලට යොමු කරන්නේ. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල ඉතිහාසයේ ඊට අයත් නේවාසිකාගාර කිසි දවසක ශිෂ්‍යයන්ගෙන් නිදහස් කරගන්න බැරි වුණා. මේවා හැමදාම ශිෂ්‍ය සංගම් පාලනය කළේ මුදා නොගත් ප්‍රදේශ හැටියට. අද දවස තමයි නේවාසිකාගාර මුදා ගත් ප්‍රදේශයක් බවට පත්කරන්නට අවස්ථාව ලැබුණේ. හෙටම මම ආචාර්ය මණ්ඩලයේ රැස්වීමක් කැඳෙව්වා. ඉදිරියට කටයුතු කරන්නේ කොහොමද කියන මේ කාරණා සාකච්ඡා කරන්න ඕනේ සාකච්ඡා කරලා හැකි ඉක්මනින් විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කරලා දේශන පවත්වා ගෙන යන්න අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරනවා.”