hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 07, පෙ.ව. 8:47



හිටපු කීර්තිමත් අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා පරිහරණය කරන ලද 1998 වර්ෂයේ ජර්මනියේ නිෂ්පාදිත ‘මර්සිඩීස් බෙන්ස්’ මෝටර් රථය හා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරිහරණය කරන ලද 2003 වර්ෂයේ එක්සත් රාජධානියේ නිෂ්පාදිත ‘ජගුවාර්’ වර්ගයේ මෝටර් රථය යන මෝටර් රථ දෙක ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වෘත්තිය අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ ප්‍රායෝගික පර්යේෂණාත්මක අධ්‍යාපන කටයුතු සඳහා පරිත්‍යාග කිරීම කටුබැද්ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඊයේ (06) සිදු වුණා.

මෙහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රංජන් ලමාහේවාගේ විසින් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති දේවප්‍රිය ගුණසිංහ සහ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආචාර්යවරු දෙදෙනකු වෙත මෙම මෝටර් රථ දෙක සමඟ අදාළ ලිපි ලේඛන ලබාදීමට කටයුතු කළා.

මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ රියර් අද්මිරාල් උදේනි සේරසිංහ, කර්නල් සුගත් විජේසිංහ ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගි වුණා.