hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 22, ප.ව. 10:09



සුපිරි වෙළඳසැලක් තුළ කාන්තාවකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

එක් වීඩියෝවක දක්වා ඇත්තේ, අදාළ සිදුවීම හංවැල්ල ප්‍රදේශයේ සිදුව ඇති බවයි. කෙසේ වෙතත් එහි සුළමුළ මෙතෙක් හෙළි වී නැහැ.

අදාළ වෙළඳසැලෙහි සිටින සේවක සේවිකාවන් විසින් ද එම කාන්තාවට පහර දෙනු ලබනවා.

යම් අවස්ථාවක දී අදාළ කාන්තාව නිරුවත් වන ආකාරයක් ද දැක්වෙනවා.

අදාළ පහර දීම සිදුවන අවස්ථාවේ දී සුපිරි වෙළඳසැලෙහි දොටුව ද වසා තබා තිබෙනවා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ බොහෝ පිරිස් අදාළ සුපිරි වෙළඳසැල් ජාලය වර්ජන කරන බව පවසමින් සටහන් එක් කර තිබෙන අයුරු ද දැකගත හැකියි.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි එම සුපිරි වෙළඳසැල් ජාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

සිය සුපිරි වෙළඳසැල් ජාලය සමඟ රැඳිසිටින සියලු දෙනාට ස්තූතිය පළ කරන බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.