hit counter

2026 ජනවාරි මස 16 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 26, ප.ව. 8:09



පාසල් සිසුවෙකු අනතුරට පත් කර අනතුරට පත් පාසල් සිසුවා ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් අතරමග දමා ගිය ත්‍රිරෝද රථ රියදුරා සහ ත්‍රිරෝද රථය ඊයේ (25) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසුවා.

ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ 05 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ඉකුත් 22 වනදා ගිනිගත්හේන නගරයේ බාහිර පන්තියකට පැමිණ ආපසු නිවස කරා යැමට ගිනිගත්හේන නගර මධ්‍යයේ කහ ඉර සිමාවෙන් මාර්ගය හරහා යෑමට උත්සහ කිරිමේදි හැටන් සිට යටියන්තොට දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක සිසුවා ගැටි තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබු සිසුවා ගිනිගත්හේන රෝහල වෙත රැගෙන යන බව පවසා එම ත්‍රිරෝද රථ රියදුරා පාසල් සිසුවා ත්‍රිරෝද රථයට නංවාගෙන රැගෙන ගොස් ගිනිගත්හේන කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේදි සිසුවාට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස පවසා රුපියල් 500 මුදලක් ලබා දි සිසුවාව ප්‍රධාන මාර්ගය අභියස දමා ගොස් ඇති බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

තුවාල ලබා ප්‍රධාන මාර්ගය අභියස වැටි සිටි පාසල් සිසුවාව ප්‍රදේශවාසින් එක්ව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.

පාසල් සිසුවා අනතුරට පත් කල ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් සිසිටිවි දර්ශන ඔස්සේ පරික්ෂණ පැවැත්වු ගිනිගත්හේන පොලිසිය අනතුර සිදු කල ත්‍රිරෝද රථ රියදුරා සහ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථය සහ රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.