2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:12
මේ වනවිට අන්තර්ජාලය හරහා ළමුන් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.
එතුමා සදහන් කළේ තාක්ෂණික වශයෙන් දියුණු වර්තමාන සමාජය තුළ පාසල් දරුවන් බහුලව සමාජ මාධ්‍ය භාවිත කරනු ලැබුවද ඇතැම් අවස්ථාවලදී ඒවායේ පවතින අවදානම් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයකින් තොරව කටයුතු කරන බවයි.
අන්තර්ජාලය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ රැසක් සිදුවන වගත් ඒ හේතුවෙන් පාසල් යන වයසේ පසුවන දරුවන් අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බවත් ඔහු සිහිපත් කරනු ලැබීය.
විශේෂයෙන්ම පාසල් නොයන දරුවන් විවිධ අපරාධ සඳහා මෙන්ම මත්ද්‍රව්‍ය ජාලවල සැපයුම් කටයුතු සඳහා ද යොදා ගැනීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
“විශේෂයෙන්ම තාක්ෂණික වශයෙන් දියුණු වර්තමාන සමාජයේ සමාජ මාධ්‍ය බහුලව භාවිත කරන පාසල් දරුවන් ඇතැම් අවස්ථාවලදී ඒවා භාවිත කරන්නේ ප්‍රමාණවත් අවබෝධයකින් තොරවයි. අද වන විට අන්තර්ජාලය හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ රැසක් සිදුවෙනවා. විශේෂයෙන්ම පාසල් වයසේ දරුවන් මේ අපරාධකරුවන්ගේ ප්‍රධාන ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. පාසල් නොයන දරුවන් ද විවිධ අපරාධ සඳහා යොදා ගැනීමට අපරාධකරුවන් ඉලක්ක කරනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාලවල සැපයුම් කටයුතු සඳහා යොදා ගැනීමට ඉලක්ක කරන පිරිසක් බවට පාසල් නොයන දරුවන් පත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමුව තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි සහ තොරතුරු විශාල ප්‍රමාණයක් වාර්තා වුණා.”
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:07