hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 07, ප.ව. 6:49



හංවැල්ල නගරයේ ජංගම දුරකතන අලෙවි වෙළෙඳ සැළකින් සොරාගත් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ජංගම දුරකතන තොගයක් පහසු ගෙවීමේ ගෙවීමේ ක්‍රමය මත විවිධ පුද්ගලයන්ට අලෙවිකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු එලෙස සොරාගන්නා ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනා ජංගම දුරකථන 19 ක් පොලිසියේ භාරයට ගෙන තිබෙනවා.

නුගේගොඩ පොලිස් කොට්ඨාසය තුළ නොවිසිදුනු අපරාධ සම්බන්ධයෙන් සොයා බලා ඊට වගකිව යුතු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ පි එස් ජයමහ සිදුකළ නියෝගයක් අනුව මාස දහයකට පමණ පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

ජංගම දුරකථන වෙළඳසැලට යාබද වෙළඳසැලක ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණ තිබූ සැකකරු ජංගම දුරකථන වෙළඳසැල පිටුපස දොර අනාරක්ෂිත තිබෙන බවට අවබෝධ කරගැනීමෙන් අනතුරුව මෙම සොරකම සිදුකර තිබෙනවා.

සැකකරු සොරාගත් සියලුම ජංගම දුරකථන කිසිවකුට සැකයක් ඇති නොවන පරිදි අවිස්සාවේල්ල කොස්ගම හා සාලාව ආදි ප්‍රදේශ වලට පහසු ගෙවීමේ ගෙවීමේ පදනම මත විවිධ පුද්ගලයන්ට ලබා දී තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

41 හැවිරිදි සැකකරු කලුඅග්ගල පදිංචිකරුවෙක්.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වයි.