hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 14, ප.ව. 2:02



කොළඹ හලාවත මාර්ගයේ මීගමුව කට්ටුව ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ කන්ටේනර ලොරියක් වසා දමා තිබූ වෙළෙඳ සැලකට කඩා වැදීමෙන් වෙළඳසැල ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇතැයි මීගමුව පොලිසිය පැවසුවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරු පැදියක් මත සිටි පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56 ක පුද්ගලයෙක්.

ලොරිය කොළඹ දෙස සිට හලාවත දෙසට ධාවනය වීමේ දී ලොරිය එකවරම වම් අත දිශාවට ඇදී ගොස් වෙළඳසැලට කඩා වැදී ඇති අතර වෙළඳසැලේ බිත්ති කොටස ඇතුළු වහලය වෙළඳසැල ඉදිරිපස යතුරුපැදිය සහ තීරෝද මතට කඩා වැටිමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

අනතුරින් රෝද රථයේ සිටි පුද්ගලයා බරපතළ තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු කොච්චිකඩේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය පැවසුවා.

ලොරි රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් ලොරි රථ රියදුරු මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව පොලිසිය සඳහන් කර සිටියා.