hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2023 ජනවාරි 27, පෙ.ව. 10:54



අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට එකඟ වූ පරිදි වගකිවයුතු ආයතන කටයුතු නොකළහොත් ‘කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට’ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අදාළ සමථයට පත්වූ ආයතන බවත්, එම ආයතන ඊයේ (26) පස්වරු 4.00ට පෙර ඒඅනුව ක්‍රියාකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කළ යුතුව තිබූ බවත් එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.