hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 14, ප.ව. 7:08



ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසන්නේ.

එසේ නොමැති නම් 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහා ද මෙම ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකියි.

ඒ සඳහා ඔබගේ දුරකථන අංකයෙන් EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකය වෙත කෙටි පණිවුඩයක් (SMS) යොමු කළ යුතු වනවා.

මේ වනවිට දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල මෙන්ම මාතර සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලට ද මේ වනවිට නිකුත් කරන්නේ ඊ බිල්පත් පමණක් බවයි ඔවුන් පවසන්නේ.

මෙම ඊ බිල්පත් ලබාදීමේ මූලික අරමුණ වී ඇත්තේ මුද්‍රිත බිල්පත් මුළුමනින්ම නතර කිරීමයි.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයින් වෙත සැපයීට බලාපොරොත්තු වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: