hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 08, ප.ව. 5:57



විදුලි බිල 300%කින් පමණ වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය තමාගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කළ බවත් අදාළ යෝජනාව තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට තමා තීරණය කළ බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විදුලි උත්පාදන වියදම රුපියල් බිලියන 756ක් වන අතර ලංවිමට ලැබෙන්නේ රුපියල් බිලියන 250ක්. ඒ අනුව රුපියල් බිලියන 500ක හිඟයක් පවතිනවා.

ඉන් වැඩිපුර මුදලක් වැය කරන්නේ ඩීසල් බලාගාර සඳහා ඉන්ධන මිලදී ගැනීමට යන මුදල සහ සෑම වසර 3කට වරක් ම 25%ක ප්‍රතිශතයකින් විදුලිබලයේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමටත් බවයි ඇමතිවරයා හෙළිදරව් කළේ.

වැඩිවන වැටුප් වල මිල ගෙවිය යුත්තේ ජනතාව යන්න තමා ගැටලුවක් ව ඇති බවත් එනිසා එවැනි විදුලි බිල වැඩිකිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන නොඑන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළා.

විදුලි ගාස්තු වැඩි නොකර, පුනර්ජනනීය ව්‍යාපෘති ක්‍රියා කිරීම ඔස්සේ උත්පාදන වියදම අවම කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේවන විට විදුලි උත්පාදන වියදම පිළිබඳවද ඇමතිවරයා හෙළි දරව් කළා.

අද පුනර්ජනනීය බලශක්තියේ උත්පාදන වියදම රුපියල් 16.80ක්, සූර්ය බලශක්තියේ උත්පාදන වියදම 22.50ක් බවත් ජල විදුලියේ උත්පාදන වියදම රුපියල් 4.37ක් බවත් පෙන්වා දෙන ඇමතිවරයා එනිසා පුනර්ජනනීය බලශක්තිය අවහිර කිරීමට කටයුතු නොකරන ලෙසත් ඉල්ලා සිටියා.

කවුරු විදුලි බල අමාත්‍යාංශය ගත්තද විදුලිබල ඇමතිවරයාට විදුලි බලාගාර විදුලි මිල තීරණය කළ නොහැකි බවත් එය තීරණය කරනුයේ පසුගිය කාලයේ මේ බලාගාර වල මිල ගණන් තීරණය කළ නිලධාරීන් බවත් ඇමතිවරයා අනාවරණය කළා.






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: