hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 8:41



ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාවට ලැබිය යුතු රුපියල් දහඅට කෝටි හතලිස්හය ලක්ෂ අසූ දහසක (184,680,000)  බදු කුලී ආදායම අයකර ගැනීමට මේ දක්වා සංස්ථාව කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් සිමෙන්ති සංස්ථාව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වෙනවා.

සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල්ටැංකි දෙක හා නළ පද්ධති ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වෙත ලිඛිත ගිවිසුමකට එළඹිමකින් තොරව බදු දි තිබුණා.

2010 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලයට අදාලව මෙම බදු කුලී ආදායම අයවීමට ඇති බව විගණන වාර්තාවේ සදහන් වෙනවා.

හිගමුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

මෙම ගැටළුව නිරාකරණය කිරීම සදහා කටයුතු කරමින් පවතින අතර රට තුල පවතින වර්තමාන තත්වය මත මෙම මුදල් ඉල්ලීම ප්‍රයෝගිකව මෙම අවස්ථාවේ දී කළ නොහැකි බව සිමෙන්ති සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද