hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 01, පෙ.ව. 3:14



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2021 වර්ෂයේදී රුපියල් බිලියන 41.7ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2021 වාර්ෂික වාර්තාවේ සදහන් දැක්වෙනවා.

රාජ්‍ය ආයතනවලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයවියයුතු හිඟ ණය මුදල 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 161.1 දක්වා ඉහල ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන්.

2021 වර්ෂය තුල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයවිය යුතු ණය මුදලින් සියයට 90.1ක්ම ලැබීමට ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් හා ශ්‍රිලංකන් ගුවන් සේවයෙනි.

එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 33.2ක විනිමය අනුපාත විචල්‍යතා අලාභයක් ඇතිවි තිබෙනවා.

මෙම තත්වය නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත ලාභයට සෘණාත්මක බලපෑමක් ඇතිකරමින් 2021 වර්ෂය තුලදී රුපියල් බිලියන 82.2ක අලාභයක් වි ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන්.

එමෙන්ම බැංකු අංශයෙන් ලබා ගත් ණය ප්‍රමාණය 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 505.3ක් දක්වා රුපියල් බිලියන 123.5කින් ඉහල ගොස් ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: