hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 11, ප.ව. 2:42



ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට බලා ගිය කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එරට දී ලිංගික උගුලකට හසු වූයේ දැයි සැක සහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නීති අංශ ප්‍රධානී නීතිඥ චානක සේනානායක මහතා සඳහන් කර සිටිනවා.

ඔහු මේ බව කියා සිටියේ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.

ඔස්ට්‍රේලියාවේ නීතිය අනුව අතවරයක් වීම සඳහා ලිංගිකව එක් වීම අනිවාර්ය නොවන බවත් පවසන ඔහු සිව්වරක් අතවර කලා යනු ලිංගික එක් වීමක් පමණක් නොවන බවද කියා සිටියා.

මෙම නඩුවට අවම වශයෙන් මාස 12 ක පමණ කාලයක් ගතවනු ඇති බවත් එතෙක් ධනුෂ්කට ඕස්ට්‍රේලියාවට පිටවීමට ඉඩ නොලැබෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.