hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 6:15



ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, උණත් සමග හෝ උණ නොමැතිව දරුවන්ට පහත සඳහන් රෝග ලක්ෂණ තිබේ නම්, වැඩිහිටියන් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

පහත රෝග ලක්ෂණ ඇත්නම් ඒ පිළිබද අවධානය යොමු කරන මෙන් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.

කට වටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
අත්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
කකුල්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
වැලමිටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
තට්ටම් ප්‍රදේශයේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි

ළඳරු වයසේ සිට අවුරුදු 6 – 7 දක්වා දරුවන් අතරේ මෙම රෝගය පැතිරෙන බැවින් මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් පිටතට නොයවා දින කිහිපයක් දරුවා නිවසේ තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා.