hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 07, පෙ.ව. 8:30



වයස අවුරුදු 04 ක කුඩා පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් පෝර උරයක බහා එය ගැට ගසා ලදු කැලෑවක සගවා තැබූ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

පසුගිය 06 වැනිදා සවස ආණමඩුව – දිවුල්වැව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී තිබෙනවා.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ආණමඩුව – දිවුල්වැව පදිංචි ඉමේන් තේනුක නම් වූ පිරිමි දරුවෙක්.

තම නිවසේ සිට ඇති දරුවා සවස් කාලයේ මුත්‍රා කිරී මට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් තිබෙනවා.

එතැන් සිට දරුවා පිළිබදව තොරතුරක් නොමැති නිසා මව්පියන් ඒ සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.

දරුවාගේ නිවසට මීටර් 150 ක් පමණ දුරකින් ඇති ලදු කැලෑවක් තුළ පෝර උරයක බහා සිටි දරුවා හමුවී ඇත්තේ එම අවස්ථාවේදීයි.

අනතුරුව දරුවාගේ මව්පියන් විසින් මේ බව ආණමඩුව පොලීසියට පැමිණිළි කරමින් සදහන් කර තිබෙනවා.

දරුවා පැහැර ගැනීම සිදු කළ බව කියන ආණමඩුව – දිවුල්වැව පදිංචි 22 හැවිරිදි තරුණයෙකුව 06 වැනිදා රාත්‍රීයේ ආණමඩුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැහැර ගැනීමට ලක්ව ඇති දරුවා ප්‍රතිකාර සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.දරුවා පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජූඩ් සමන්ත