hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 10:14



ඖෂධ හිඟයකින් පෙළෙමින් සිටි රිජ්වේ ආර්යා ළමා රෝහලට සමාගම් රැසකින් ඔෟෂධ ලබා නොදෙන තත්ත්වයක් මතුව ඇතැයි එහි ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් පුවත්පතකට පවසා තිබෙනවා.

ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් එම සමාගම්වලට ලබාදිය යුතු රුපියල් කෝටි 20කට ආසන්න හිඟ මුදලක් හේතුවෙන් මෙසේ ඖෂධ සැපයීම නතර කර ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළා.

ඒ අනුව අදාළ හිඟ මුදල් ලබාදෙන තෙක් එම සමාගම් නැවත ඖෂධ ලබා නොදීමට පියවර ගෙන ඇතැයි එම ප්‍රකාශකයා කියා සිටියා.

අවශ්‍යතා අනුව මිලදී ගැනීම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් බලධාරින්ට අවසරදී ඇති නමුත් මහා භාණ්ඩාගාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබානොදෙන්නේ නම් එම තීන්දුවෙහි කිසිදු අර්ථයක් නැතැයි අවධාරණය කළා.

ඉදිරියේදී මෙම තත්ත්වය තවත් උග්‍රවිය හැකි යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හිඟය දැන් කලක් තිස්සේ පවතින අතර විවිධ පෞද්ගලික සංවිධාන හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත යැපීමට රෝහලට සිදුව තිබෙනවා.

චීන රජය විසින් ද පසුගිය 14 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් ලක්ෂ විස්සක් වටිනා ඖෂධ තොගයක් ලබාදී තිබෙනවා.