hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 26, පෙ.ව. 12:04



අවුරුදු දහයේ වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 60%ක් අධික ලෙස ජංගම දුරකථනවලට ඇබ්බැහිවී ඇති බව සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

දකුණු පළාතේ පාසල් ළමුන් හාරසියදෙනකු යොදාගෙන වෛද්‍යවරු පිරිසක් මෙම සමීක්ෂණය සිදුකළ බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා.

මෙම දරුවන්ගෙන් බොහෝ දෙනකුට රාත්‍රියට නිසි ලෙස නින්ද නොයන බවත් ඔවුන් සෑමවිටම කනස්සල්ලෙන් සිටිනා බවටත් තොරතුරු හෙළිවී තිබෙනවා.

මෙම දරුවන් නිසි ලෙස අධ්‍යාපන කටයුතු සිදු නොකරන බවටද කළ සොයා බැලීමකදී තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

එසේම මෙසේ ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ට දියවැඩියා රෝගි තත්ත්වය ඇති බවට හඳුනාගෙන ඇත.

ඔවුන්ගේ ශරීරය නිසි ලෙස ක්‍රියාකාරී නොවීමේ තත්ත්වය මත දියවැඩියාව වැලඳෙන බවටද හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම ඔවුන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන අතර මෙම තත්ත්වය මත ඔවුන් පාලනය කිරීමටද දෙමාපියන්ට නොහැකි වී ඇත.

අත්‍යවශ්‍යම නම් ඕනෑම දරුවකුට දිනකට පැයකට වඩා අඩු කාලයක් ජංගම දුරකථන භාවිත කිරීමට ලබාදෙන ලෙස වෛද්‍යවරු මව්පියන්ගෙන් ඉල්ලා සිටියි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: