hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:05



ලෝකයේ දරුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුට දුර ඇති දේ නොපෙනෙන බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

එම අධ්‍යයනය හෙළි කරන්නේ පරිදි ලෝකයේ සිටින දරුවන්ගේ ඇස් පෙනීම ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතින බවයි.

ළමයින් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුගේ මෙම තත්ත්වය පැහැදිලිව දක්නට ලැබෙන බව සඳහන් වනවා.

කොවිඩ් ලොක්ඩවුන් කාලසීමාව තුළ ළමයින් වැඩි පිරිසක් ජංගම දුරකතන තිරය දෙස බලාසිටීමට පුරුදු වී තිබීම මීට ප්‍රධාන හේතුව බව පෙන්වා දි තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් අඩු කාලයක් එළිමහනේ ගත කිරීම බහුලව දැක ගත හැකි බවයි සඳහන් වන්නේ.

අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් මයෝපියාව වර්ධනය වන ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය 2050 වන විට තවත් මිලියන ගණනක ළමයින්ට බලපාන බව මෙම අධ්‍යයනය අනතුරු අඟවා තිබෙනවා.

ජපානයේ ළමයින්ගෙන් 85% ක් දකුණු කොරියාවේ 73% ක් චීනයේ හා රුසියාවේ 40% ක් දුර නොපෙනීම නිසා පීඩාවට පත්ව සිටිනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: