hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 17, පෙ.ව. 11:44



ළමා හතිය පැතිරයෑමේ ප්‍රවණතාවක් නිසා මේ දිනවල දරුවන්ගේ ජීවිතවලට කිසියම් අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

දරුවන්ගේ එම රෝගී තත්ත්වයන් උත්සන්න වුවහොත් මරණය පවා සිදුවිය හැකි බැවින් එවැනි දරුවන් නිවෙස්වල තබා නොගෙන හැකි ඉක්මනින් ආසන්නම රෝහල වෙත ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසුවා.

තවද හතිය වැඩි වී හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වුවහොත් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර යන්ත්‍ර මඟින් හුස්ම ලබා දීමට පවා සිදු වනු ඇති බවද ඒ මහතා පැවසුවා.

පසුගිය දිනක රාත්‍රියේ කිසියම් අසනීප තත්ත්වයකින් පෙළුණු දරුවන් 12 දෙනකු රිජ්වේ ළමා රෝහල වෙත ඇතුළත් කළ බවද ඉන් 6 දෙනෙක්ම හතිය රෝගයෙන් පෙළෙන දරුවන් බවට හඳුනා ගත් බවද වෛද්‍යවරයා සඳහන් කළා.

කොවිඩ් හෝ වයිරස් උණක් වැලඳීමෙන් පසුව ළමා හතිය ඇතිවීමට ඉඩ ඇති බැවින් එවැනි රෝග වැලඳීම වළක්වා ගැනීමට පියවර ගත යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසුවා.

එසේ වැල‍ෙ¾දන රෝගය කොවිඩ්, ඉන්ෆ්ලුවෙන්සා හෝ වෙනත් ආකාරයක වයිරස් උණක් වීමටත් හැකි බවද මෑත භාගයේදී නැවත වතාවක් කොවිඩ් රෝගය පැතිර යෑමත් සමඟ දරුවන්ගේ හතිය ඉහළ ගොස් ඇති බව පෙනී යන බවද ඒ මහතා සඳහන් කළා.

නැවත වතාවක් ඇතිවී තිබෙන මෙම කොවිඩ් ව්‍යාප්තියත් සමඟ කොළඹ රිජ්වේ ළමා රෝහල⁣ දරුවන් ඇතුළත් කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද ඩෙංගු රෝගය වැළඳුණු දරුවන් 15 දෙනකු හා කොවිඩ් රෝගය වැළඳුණු දරුවන් 8 දෙනකු ඒ අතර සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.