hit counter

2026 සැප්‍තැම්‍බර් මස 23 වන බදාදා

2022 නොවැම්‍බර් 25, පෙ.ව. 4:17



ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංවයඹ හෝ නිරිත දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ බවත් මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන කාලගුණ අනාවැකියේ සඳහන් වෙනවා.

මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බද වැඩිදුරටත් සඳහන් වෙනවා.