hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 18, පෙ.ව. 8:16



වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේ, ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බවයි.

මේ වසරේ මැයි මාසය වන විට පොල්තෙල් මෙට්‍රික් ටොන් 42,000ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බව සඳහන්.

මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් පොල්තෙල් රටතුළ පවතින බැවින් පොල්තෙල් මිල ඉහළ දැමීම කිසිලෙසකින් අනුමත කළ නොහැකි බව මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළා.

මේ අතර වෙළෙඳපොළේ පොල්තෙල් මිල පාලනය කිරීම සඳහා නව නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: