hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 19, ප.ව. 2:04



රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022 වසරේ දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසා ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

මාස හයක් ඇතුලත වඳුරන්, රිලවුන් හා දඬුලේනුන් විසින් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 වසර අවසන් වන විට එම හානිය  පොල් ගෙඩි මිලියන 180- 200 දක්වා ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු  පර්යේෂණ හා පුහුණු ආයතනයේ පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 2500- 3000ත් අතර පවතිනවා.

නියඟය, වනසතුන්ගෙන් වන හානි හා වෙනත් වසංගත තත්ත්වයන් නිසා මෙම අස්වැන්නෙහි යම් යම් විචලනයන් සිදුවෙනවා.

එසේ වුවද මෙරට පොල් වගාවට වැඩිම හානිය සිදු කරනුයේ රිළව්, වඳුරන් හා දඬුලේනුන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු  පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා.

ශ්‍රී ලංකාවේ ගොවිජන හා වනසත්ව ගැටුම සම්බන්ධව එම ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව 2022 වසරේ දී ජනවාරි සිට ජුනි දක්වා මාස හයක් තුළ වනසත්ව හානි හේතුවෙන් වැඩිම අස්වැන්න හානියක් සිදු ව තිබෙන්නේ  පොල් වගාවටයි.