hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 4:41



මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 67,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ මෙම මාසයේ අද දිනය දක්වා පමණක් ඩෙංගු රෝගීන් 2500 ප්‍රමාණය ඉක්මවා වාර්තා වී ඇති බවයි.

පසුගිය මාසය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2500කට ආසන්න බවයි.

මේ අතර දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප ප්‍රමාණයේ ඉහළ යාමක් වර්ෂාපතනයත් සමග වාර්තා වී තිබෙනවා.

එසේම පසුගිය කාලසීමාවේ දෛනික ඩෙංගු ආසාදිතයින් ප්‍රමාණය 70ත් 80ත් අතර ප්‍රමාණයක පැවතිය ද මේ වනවිට දෛනික ඩෙංගු ආසාදිතයින් ප්‍රමාණය 100 සීමාව ඉක්මවා ගොස් ඇති බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඊයේ දිනයේ පමණක් දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 141ක් බවත් විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවා.

බස්නාහිර පළාතේ, ගම්පහ කොළඹ සහ කළුතර යන  දිස්ත්‍රික්ක තුනෙන්ම රෝගීන් වාර්තා වන අතර ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කය වැඩි අවදානමකට ලක්ව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේත්, ගොතටුව, නුගේගොඩ සහ මහරගම යන ප්‍රදේශවලත් ඩෙංගු අවදානම වැඩිවී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, බියගම, කැලණිය සහ වත්තල යන ප්‍රදේශවලද ඩෙංගු අවදානම වර්ධනය වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සහ බේරුවල යන ප්‍රදේශවල ද ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දැකගත හැකි බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඩෙංගු මදුරුවන් ඇතිවන ස්ථාන විනාශ කිරීමටත් තම පරිසරයේ පිරිසිදු බර රැකගැනීමටත් අවශ්‍ය පියවර නිරන්තරයෙන් ගන්නා ලෙසට ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: