hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 8:26



ප්‍රභූවරයකු විශේෂ ආරක්ෂාවක් යටතේ හෙලිකොප්ටරයකින් රැගෙනවිත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට පසුගිය 28 වැනිදා ඇතුළත් කර තිබුණා.

මේවන විට වාර්තා වන අන්දමට මෙලෙස දැඩි ආරක්ෂාව මැද රෝහලට ඇතුලත් කර ඇත්තේ හිටපු නාවික හමුදාපතිවරයෙකුයි.

ඔහුට අසාධ්‍ය ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් හේතුවෙන් පසුගිය 28 වැනිදා පෙරවරුවේ ගුවන් මගින් ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය වෙත රැගෙන විත් තිබෙනවා.

ඔහු හෙලිකොප්ටරයකින් එහි ගෙනැවිත් ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුර තුළ පිහිටි රෝහලේ සිට යැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළා.

ඔහු රෝගාතුරව වැලිසර කඳවුර වෙත ගෙනෙන ලද්දේ ත්‍රිකුණාමල නාවික කඳවුරේ සිට වන අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ මෙම හිටපු නාවික හමුදාපතිවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීම පිළිබඳ තොරතුරු කිසිවක් මාධ්‍යයට හෙළි නොකරන ලෙස රෝහල් බලධාරීන් එහි කාර්ය මණ්ඩලවලට දැනුම් දී ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

එම රෝගියා පිළිබඳ තොරතුරු පිටතට නොදෙන්නැයි වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානියා එහි කාර්ය මණ්ඩලයට හා රෝහල් බලධාරීන්ට දන්වා ඇති බැවින් තොරතුරු ලබාදිය නොහැකි බව යි ජාතික රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: