hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 25, පෙ.ව. 6:08



මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15ක හිඟ විදුලි බිල්පත් නොගෙවීම නිසා කොළඹ නගරයේ මාර්ග සංඥා පද්ධතිය අක්‍රිය වීමේ අවධානමක් පවතින බව විදුලි බල මණ්ඩලය පවසනවා.

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා කියා සිටියේ කොළඹ නගරයේ මාර්ග සංඥාවලට අදාළව මාස 05කින් පමණ බිල්පත් ගෙවා නොමැති බවයි.

මෙම තත්ත්වය මත මාර්ග සංඥා විසන්ධි වුවහොත් ඉදිරියේ දී රථවාහන තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඉංජිනේරු සංගමයේ සමලේකම්වරයා සඳහන් කළා.

මෙම මුදල ගෙවන ලෙස අවස්ථා ගණනාවක දි විදුලි බල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇතැත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද වාර්තා වනවා.