hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 10, ප.ව. 6:02



විදෙස් ආයෝජන ලබාගැනීමේ අරමුණින් 2021 ජුනි මස ආරම්භ කළ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට තවමත් වෙබ් අඩවියක් පවා නොමැති බවට රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේදී අනාවරණය වුණා. 

කාරක සභාව මෙහිදී ප්‍රකාශ කළේ, ඩොලර් බිලියන ගණන් සෙවීමේ අපේක්ෂාවෙන් ස්ථාපනය කරන ලද ආර්ථික කොමිෂන් සභාව අසමත් ප්‍රාදේශීය සභාවක් මට්ටමට පත්ව ඇති බවයි. 

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට ඊයේ (09) කැඳවා තිබුණා.

රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් වික්‍රම. 

ඔහු අද මෙහි නැහැ.

ආචාර්ය හර්ෂ ද සිල්වා – ඇයි ඔහු මෙහි නැත්තේ?

අපි ඔහුට දැනුම් දුන්නා.

ආචාර්ය හර්ෂ ද සිල්වා – බලන්න අපි මේ සොයන්නේ කවුද මේවා පවත්වාගෙන යන්නේ කියලා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම කියලා. වෙබ් අඩවියක්වත් අපිට සොයාගන්න බැරිවුණා. 

වරාය නගර ආර්ථික කොමිෂන් සභා සාමාජික සාලිය වික්‍රමසූරිය – වෙබ් අඩවිය සකස් කිරීම අවසන්වෙලා තියෙන්නේ එහි සන්නාම හුවමාරුවක් තිබෙනවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා – එය පිළිගත හැකි කරුණක් නෙවෙයි. ඔබ මෙහෙයුම් ආරම්භ කළේ කවදා ද? 

සාලිය වික්‍රමසූරිය – කොමිසමක් ලෙස. 2021 වසරේ ජූනි මාසයේදී.

ආචාර්ය හර්ෂ ද සිල්වා – අද දිනය කවදාද?

සාලිය වික්‍රමසූරිය – අද 2023 වසරේ ජනවාරි 

ආචාර්ය හර්ෂ ද සිල්වා – කොපමණ කාලයක් ගතව තිබෙනවාද? 

සාලිය වික්‍රමසූරිය – මගේ ගණනය කිරීම අනුව වසර එකහාමාරක කාලයක් වගේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා – බලන්න සාලිය, ඔබ මීට පෙර ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක කටයුතු කර තිබෙනවා නේද?
ඔබට වසර එකහාමාරක කාලයක් ගතවෙනවාද නිල ක්‍රියාවලියක් මාර්ග ගත කරන්න?

සාලිය වික්‍රමසූරිය – නැහැ, එතරම් කාලයක් ගතවෙන්නේ නැහැ.

ආචාර්ය හර්ෂ ද සිල්වා – අපි දන්නේ නැහැ, මේවා කරන්නේ කවුද කියලා, අපි දන්නේ නැහැ කොමසාරිස්වරු 
කවුද කියලා? ඔබට ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය නම් කරන්න ඕන පළමු කාර්ය මෙය නොවේද? ඔබ කොහොමද වෙබ් අඩවියක් නොමැතිව අද මෙවැනි දෙයක් පවත්වාගෙන යන්නේ? කොමිසම සහ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ඔබ ලැජ්ජා විය යුතුයි. ලංකාවේ විශාලතම ආයෝජනයට වෙබ් අඩවියක් නොමැතිවීම ගැන. ඕනෑම අයෙකුට මාර්ගගත ක්‍රමයට මීට අයදුම්කරන්න හැකිවිය යුතුයි. ඔබලා රෙගුලාසි අරගෙන එනවා මේ කමිටුව මගින් අනුමත කරගන්න. මේවාට අයදුම්කරන්න ඕනේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට, ඒත් ඔබට වෙබ් අඩවියක් නැහැ. ඇත්තටම ඔබට කවදා ද එහෙම මාර්ගත ප්‍රවේශයක් ඉදිරිපත් කරන්න පුළුවන්.

කෝ මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, කවුද ඔබේ ප්‍රධාන විධායක නිලධාරියා?

සාලිය වික්‍රමසූරිය –  අපිට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා – ඇයි වැඩබලන කෙනෙක්.

සාලිය වික්‍රමසූරිය – ඔහු වැඩබලන්නේ සභාපතිතුමනි කොමිෂන් සභාවේ අරමුණ ජාත්‍යන්තර තලයේ කෙනෙක් ඒ සඳහා බඳවාගන්න මේ මට්ටමේ ව්‍යාපාරික පළපුරුද්දක් ඇති කෙනෙක් අධ්‍යක්ෂ ජනරාල් ලෙස  ශ්‍රී ලංකාවෙන් අපිට හොයාගන්න බැරිවුණා. ඇත්තටම අපි නවසීලන්තයෙන් කෙනෙක් බඳවාගත්තා.  ඒත් අප්‍රේල් මාසයේදී රටේ තත්ත්වය වෙනස්වුණා නිසා අපිට එය නතර කරන්න සිදුවුණා. පසුගිය වසරේ ජුනි මාසය සිට මේ වසරේ අප්‍රේල් දක්වා මම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් විදිහට කටයුතු කළා. අප්‍රේල් සිට මේ දක්වා ආචාර්ය ප්‍රියත් බන්දු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්. ඒත් ඇත්තටම ඔහු පැමිණියේ නැහැ. අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරන්නේ රටේ ජනාධිපති විසින්.

ආචාර්ය සුරේන් රාඝවන් – ඔබලාට එක්ව කටයුතු කරන්න බැරිනම් කොහොමද අපිට ඩොලර් බිලියන 5ක් ආයෝජනයක් ලබාගන්නේ වෙබ් අඩවියක් නොමැති ආරම්භයක්. වැඩබලන කොමසාරිස්වරයෙක් ඉන්නේ ඔහුත් රැස්වීම්වලට සහභාගිවෙන්නේ නැහැ. මේක අසමත් ප්‍රාදේශීය සභාවක් වගේ.