hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 29, ප.ව. 12:07



ප්‍රභූවරයකු විශේෂ ආරක්ෂාවක් යටතේ හෙලිකොප්ටරයකින් රැගෙනවිත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද (28) පෙරවරුවේ ඇතුළත් කර තිබෙනවා.

මේවන විට ඔහුට ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

රෝගියකු රෝහලට ඇතුළත් කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටියන් බැහැරව කිසිදු ලේඛනයක හෝ සටහන් නොතබා මෙම විශේෂ ප්‍රභූවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

මෙම රෝගීයා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් යොමු නොකොට වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විවිධ රෝහල්වලින් ගෙන්වා ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ද වාර්තා වුණා.

එම විශේෂ ප්‍රභූවරයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවත් රෝහල් පරිශ්‍රයේ ආරක්ෂක සෙබලුන් රඳවමින් විශේෂ ආරක්ෂාවක් සපයා ඇතැයි ද එම ආරංචි මාර්ග කියා සිටියා.

මෙම විශේෂ ප්‍රභූවරයා කවුරුන්ද යන්න පසුව වාර්තා වූයේ එලෙස ප්‍රතිකාර ලබමින් සිටින්නේ හිටපු නාවුක හමුදාපතිවරයකු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: