hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 12, පෙ.ව. 3:15



මොරටුව විශ්වවිද්‍යාලයේ පමණක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවූ විශ්වවිද්‍යාල අචාර්යවරුන් 35 දෙනෙක් ගිවිසුම් හා බැඳුම්කර කඩ කිරීම නිසා 2021 දෙසැම්බර් 31 දින වනවිට අය වියයුතු මුදල රුපියල් 51,649,961 බවට කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

ගිවිසුම් හා බැඳුම්කර කඩ කොට වසර 08ක් තිස්සේ නොගෙවූ අචාර්යවරු 16 දෙනෙකුගෙන් අයවිය යුතු මුදල රුපියල් 23,190,595ක් බවද එහිදී හෙළිදරව් වී තිබෙනවා.

ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ ආචාර්යවරුන්ගෙන් බැඳුම්කර වටිනාකම් අය කර ගැනීම පිළිබඳ සඳහන් කළ උපකුලපතිවරයා පැවසුවේ ඉහත සංඛ්‍යාවෙන් 05ක් දැනට අය කරගෙන ඇති බවත්, 12ක් වාරික වශයෙන් අයකර ගැනීමට කටයුතු කරන අතර 11ක් වෙනුවෙන් නීතිමය පියවර ගෙන ඇති බවයි.

මෙම කරුණු අනාවරණය වූයේ කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මොරටුව විශ්වවිද්‍යාලයේ 2019 සහ 2020 වර්ෂවලට අයත් විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාදනය විමර්ශනය කිරීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.

මොරටුව විශ්ව විද්‍යාලය මූලික වශයෙන් ගණිත, විද්‍යා, ඉංජිනේරු සහ තාක්ෂණ විෂයන් මූලික කරගත් උපාධි පාඨමාලා පමණක් පවත්වන බව උපකුපතිවරයා දැනුම්දුන්නේ කොප් සභාපතිවරයා කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: