hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 5:38



 1/2020 චක්‍ර ලේඛය සහ පසුව නිකුත් කරන ලද වෙනත් රජයේ වනාන්තරවලට අදාල චකුලේඛ අවලංගු කර ගැනීම සදහා පරිසර යුක්ති කේන්ද්‍රයත්, හේමන්ත විතානගේ සහ දිලෙන පාත්‍රාගොඩ ඇතුලු පරිසරවේදීන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ නිලධාරී මණ්ඩලයත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා වෘත්තීය සමිති නියෝජනය කරන නිලධාරීන් හා එක්ව ඉදිරිපත් කරන ලද රිට් නඩුකරය 2020.09.08 දින අභියාචනාධිකරණයේදී කැදවනු ලැබුවා.

එහිදී විශේෂයෙන්ම අධිකරණයේ මැදිහත්වීම මත සමථයක් යෝජනා කෙරුණා.

මෙම සමථය වූයේ 1/2020 චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම සංරක්ෂිත වනයක්, රක්ෂිත වනයන් සහ ගම්බද වනයන්ට ඒ් වගේම වෙනත් රජයේ වනාන්තර කෙරෙහිද (Other State Forests) ඒකී චක්‍ර ලේඛය බල නොපාන බවට වූ එකගතාවයයි.

එකී එකගතාවයට යටත්ව සහ එකී එකගතාවය ක්‍රියාත්මක වන පරිදි නව චක්‍රලේඛයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවටත් අධිකරණය දැනුවත් කර තිබෙනවා.

ඒ් අනුව එකී ලියවිල්ලේ මූලික සටහනක් (draft) මේ මස 16 වන දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, එකී චක්‍රලේඛය සලකා බැලීම හෝ නඩුව ඉදිරියට පවත්වා ගැනීම පිළිබදව සලකා බැලීම සදහා සැප්තැම්බර් මස 22 වන දින නඩුව කැදවීමටත් තීරණය කර තිබෙනවා.

විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවන් ඉදිරියේ මෙම නඩුව කැදවූ අතර, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ තුෂිනි ජයසේකර මෙනෙවියගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීනීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ, නීතිඥ නිල්මල් වික්‍රමසිංහ සහ නීතිඥ සවන්ති පොන්න්ම්පෙරුම යන අය පෙනී සිටියා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා පෙනී සිටි තිබෙනවා.

හික්කඩුව – බුද්ධික වීරසිංහ