2024 මැයි 09, පෙ.ව. 12:19
‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍රතිශත්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බව තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වා ගැනීමට ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම තීරණය කර තිබෙනවා.
මෙම ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ‘සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ සහය ලබාගනිමින්.
එම එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නමින් වන අතර ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද ‘කොවිෂීල්ඩ්’ එන්නතයි.
මෙහිදී ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වුණු බවත් මේ වනවිට අධිකරණය හමුවේ තහවුරු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඇස්ට්‍රා සෙනකා සමාගම පවසා ඇත්තේ එන්නත යාවත්කාලීන කරමින් දෝෂ නිවැරදි කර, නව කොවිඩ් 19 වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බවයි.
2026 ජනවාරි 05, ප.ව. 2:12
2026 ජනවාරි 05, ප.ව. 1:03
2026 ජනවාරි 05, පෙ.ව. 11:41
2026 ජනවාරි 05, පෙ.ව. 11:23
2026 ජනවාරි 05, පෙ.ව. 11:20
13-06-25
13-06-25
11-06-25
11-06-25
07-06-25
07-06-25
05-06-25
05-06-25
04-06-25
04-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
30-05-25
30-05-25
06-02-25
06-02-25
30-06-24
30-06-24
21-04-24
21-04-24
12-04-24
12-04-24