hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 14, ප.ව. 8:32



කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් පැය 72 කට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මාර්ගෝපදේශයක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්.

මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් කොවිඩ් එන්නත් කාඩ්පත ළඟ තබාගත යුතු බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් කොරෝනා පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි.

“ඉදිරියේ දී ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ට PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් හෝ රැපිඩ් ඇන්ටිජන් කිරීමට අවශ්‍ය නම් අපි විද්වත් කමිටුවේ නිර්දේශ මත හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත එය දැනුම්දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වනවිට අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදියට අපි ලංකාවට එන කිසිදු සංචාරකයෙක් ට එන්නත්කරණය කරගෙන තිබුණත්, එන්නත්කරණය සිදුකර නොතිබුණත් පැය 72කට කලින් PCR පරීක්ෂණය හෝ පැය 48කට පෙර ඇන්ටිජන් පරීක්ෂණය හෝ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් පනවලා නෑ. අපි කලිනුත් කිව්ව විදියට යම් කෙනෙක්ට උණ, හෙම්බිරිසාව, කැස්ස තියෙනවා නම් ලංකාව තුළ දී මුව ආවරණයක් පැලඳගෙන ඉන්න එක වඩාත් සුදුසුයි. එන්නත්කරණය කරලා නැත්නම් ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහින් එන්නත් ලබාගන්න පුළුවන්.”