hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 26, ප.ව. 5:21



එළඹෙන නත්තල් කාලගුණික ශීත තත්ත්වයත් සමඟ කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමේ තත්ත්වය පැවතිය හැකි බැවින් සියලු දෙනා සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කිරිම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතා සඳහන් කරනවා.

වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්, ගර්භනීය මව්වරුන්, විවිධ රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් විය යුතු බව ද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

කොවිඩ් තත්ත්වය තවමත් මෙරටින් මුළුමනින්ම තුරන් වී නොමැති බවද ඔහු සදහන් කරනවා.

දැනට දිනකට රෝගීන් 20ක් පමණ හමුවන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.