2022 ජූනි 08, පෙ.ව. 8:45
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා ඊයේ(07) අද වැඩ භාරගනු ලැබුවා.
ඒ, ඛණිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේදියි.
නව සභාපතිවරයා පවසන්නේ ඉන්ධන මිල ඉහල දැමීමේ සූදානමක් පවතින බවට පැතිර යන කටකතා අසත්‍ය බවයි.
මීට පෙර ඒ මහතා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් වුණා.
මොහොමඩ් උවයිස් මහතා හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ සහෝදරයෙකු ද වෙනවා.
2026 ජනවාරි 03, ප.ව. 8:34
2026 ජනවාරි 03, පෙ.ව. 12:23
2026 ජනවාරි 03, පෙ.ව. 12:21
2026 ජනවාරි 03, පෙ.ව. 12:19
2026 ජනවාරි 03, පෙ.ව. 12:17