hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 02, ප.ව. 6:15



මෙට්‍රෝ බස් සේවාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෞද්ගලික ගමන් සඳහා මෙට්‍රෝ බස් රථ කුලියට ගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදීමේ නව වැඩසටහනක් හඳුන්වාදීමට ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ ආයතනය සැලසුම් කරමින් සිටී.

සති අන්තයේදී බොහෝ මගීන් සිය උපන් ගම් බලා පිටත්ව යන බැවින් එම දිනවල සාමාන්‍ය මගී ඉල්ලුම අඩුවන බවත්, එවැනි අවස්ථාවලදී මෙට්‍රෝ බස් රථ වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවත් ආයතනයේ නිලධාරියෙක් සඳහන් කළේය.

ඔහු පැවසුවේ මෙම වැඩසටහන මේ වනවිට සැලසුම් කිරීමේ අදියරේ පවතින අතර, මෙට්‍රෝ බස් සේවාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසුව එය හඳුන්වාදීමට කටයුතු කරන බවයි. ඒ අනුව, ඔක්තෝබර් මාසයෙන් පසුව පෞද්ගලික ගමන් සඳහා මෙට්‍රෝ බස් රථ වෙන්කරවා ගැනීමේ අවස්ථාව මහජනතාවට හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සේවාව ආරම්භ කිරීමෙන් පසු, පෞද්ගලික ගමනක් සඳහා මෙට්‍රෝ බස් රථයක් වෙන්කරවා ගැනීමට කැමති පුද්ගලයන්ට ආයතනයේ මෙට්‍රෝ බස් ක්ෂණික ඇමතුම් අංකය (hotline) ඔස්සේ ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය. එමෙන්ම, බස් රථ තුළ සහ බාහිරව සවිකර ඇති ආරක්ෂක කැමරා මගින් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහාය වන බවද නිලධාරියා සඳහන් කළේය. මෙ

ම වැඩසටහන හරහා මහජනතාවට සිය පෞද්ගලික ගමන් සඳහා ආරක්ෂිත සහ සුවපහසු ප්‍රවාහන පහසුකමක් ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: