hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 8:52



ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ මහ පරිමාණ ප්‍රහාරයක් සිදු කර හරක් කටා හෙවත් නඳුන් චින්තක සහ කුඩු සළිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවන් රහස් පොලිස් භාරයෙන් පැහැර ගෙන යාමට කළ සූක්ෂ්ම සැලසුමක් සම්බන්ධයෙන් ලද තොරතුරු මත හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම සැකකරු රඳවා සිටිනා ස්ථානයට කඩා වැදී රසායනික ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් නිදහස් කරගෙන යෑමට පූර්ණ සැලසුමක් සකස් කර ඇති බව අනාවරණය වී ඇති අතර මේ සඳහා පෙර පුහුණු සහිත කණ්ඩායමක් යොදා ගැනීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වෙනවා.

මේ වන විට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වහා ම විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.