hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 මැයි 27, ප.ව. 2:22



ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය ඉකුත් වර්ෂයේ දි (2021) රුපියල් බිලියන 3.4ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වනවා.

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය 2020 වර්ෂයේ දී රුපියල් බිලියන 2.2ක අලාභයක් ලබා තිබුණා.

එම අලාභය 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 3.4 දක්වා වැඩිවී තිබෙනවා.

එමෙන්ම ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉකුත් වර්ෂයේ (2021) සමස්ත ආදායම රුපියල් බිලියන 26.9ක් දක්වා සියයට 13.7කින් අඩුවී තිබෙනවා.

සමස්ත වියදම රුපියල් බිලියන 30.4 වු අතර වියදම සියයට 9.1කින් අඩුවී ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන්.

කෙසේවුවද රජය මගින් ඉකුත් වර්ෂයේ දී ආර්ථික වශයෙන් ප්‍රථිලාභ නොලැබෙන මාර්ගවල ප්‍රවාහන සේවා යෙදවිමට හා  සහනාධාර වාර ප්‍රවේශපත්‍ර සදහා රුපියල් බිලියන12.2ක සහනාධාර මුදලක් ලංගමයට ලබාදි තිබුණා.

ඉකුත් වර්ෂයේ දි ශ්‍රිලංගමයේ ධාවන කිලෝමීටර් ගණන සහ මගි කිලෝමිටර් ගණන පිළිවෙළින් සියයට 19.7කින් හා  සියයට 28.4කින් පහළ ගොස් තිබු බවද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සදහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: