hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 ජනවාරි 13, ප.ව. 12:21



මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් කර ඇති දන්ත ධාතූන් වහන්සේ සියලු ලෝකවාසී ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට  ජනාධිපතිවරයාගේ උපදෙස් මත තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එළැඹෙන මාර්තු 04 වැනිදා ලක්වාසී මෙන්ම ලෝකවාසී ජනතාව වෙනුවෙන් උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනයට තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

ඒ බව ඔහු සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.