hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 06, පෙ.ව. 8:28



75වන නිදහස් සැමරුමට සමගාමීව ශ්‍රී දළදා මාලගාවේ මූලිකත්වයෙන් පෙබරවාරී මස 18 වැනි දින ජනරජ පෙරහරක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

මේ සඳහා වන මූලික සාකච්ඡාවක් පෙරේදා (04) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පවත්වා තිබෙනවා.

ඉතාමත්ම සුවිශේෂි අවස්ථාවන් වල දී රජයේ ඉල්ලීම මත ජනරජ පෙරහර දළදා මාලගාව මගින් අවස්ථා කිහිපයක දී පවත්වා තිබෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

මෙම පෙරහරේ දී ජනරජ ලංඡනය අලිඇතුන් සහිත පෙරහරකින් වීදී කිහිපයක රැගෙන යාම සිදුවනවා.

ශ්‍රී දළදා මාලගාවේ රන් වියන විවෘත කළ අවස්ථාවේත් යුද ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේදීත් මේ ආකාර විශේෂ පෙරහර පවත්වා තිබෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියා.

මෙම පෙරහර නැරඹීම සඳහා විදෙස් ජන නායකයන් කිහිප පොළකටද ආරාධනා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කළා.