hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:23



තමා ‘ජරා ගැහැණුන් සිටින තැනකට දමන ලෙසට’ බන්ධනාගාර උසස් නිලධාරීන් වැලිකඩ කාන්තා අංශයේ ජේලර්වරියකට පැවැසී යැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න කර ඇති ප්‍රකාශය සත්‍ය ද? අසත්‍යය ද? යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා අදාළ ජේලර්වරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත දන්වා ඇති බව ද එහි මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවා.

වැලිකඩ බන්ධනාගාර උසස් නිලධාරීන් අපහසුතාවකට පත් කරමින් අදාළ ජේලර්වරිය එවැනි ප්‍රකාශයක් කර තිබේ නම්, එය බරපතළ කාරණයක් බව ද ඒ බව තහවුරු වුවහොත් අදාළ ජේලර්වරියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඒකනායක මහතා වැඩිදුරටත් පැවසුවා.