hit counter

2026 ජනවාරි මස 19 වන සඳුදා

2022 ජූනි 24, ප.ව. 6:24




ධම්මික පෙරේරා මහතා අමාත්‍යවරයෙකු ලෙස මීට සුළු වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහු තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන්නේ ධම්මික පෙරේරා මහතායි.

ඔහු පසුගිය 22වැනි දා කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නා.

ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට ප්‍රථමයෙන් තමා සභාපතීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු දැරූ සමාගම් වලින් ඉල්ලා අස් වීමට කටයුතු කළා.