hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 10, පෙ.ව. 12:03



මෙවර වෙසක් පොහොයට සමගාමීව දිවයින පුරා සංවිධානය කරන දන්සැල් සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට තම සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට ගොස් දර්ශන ලියාපදිච්ච කර ඊට අදාළ උපදෙස් ලබා ගත හැකි බවයි.

එමෙන්ම වෙසක් පෝය සඳහා දන්සැල් සංවිධානය කිරීමේදී නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුව ආහාර සකස්කිරීම් සහ පිළිගැන්වීම් කටයුතු සිදුකළයුතු බව එම සංගමය පවසයි. එසේ ප්‍රමිතීන්ට අනුකූල නොවන දන්සැල් වහාම අත් හිටුවීමටත් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමටත් බලාපොරොත්තු වන බව සභාපති වරයා වැඩිදුරතත් පැවසුවා.

එමෙන්ම වෙසක් සතිය තුළ ක්‍රියාත්මක වන දන්සැල් අදීක්ෂණ කටයුතු සඳහාද විශේෂ වැඩපිලිවෙළක් සකස් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.