hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 නොවැම්‍බර් 07, ප.ව. 2:43



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත් මින් ඉදිරියට ක්‍රිකට් සංචිත සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේදී ඔහුව සලකා නොබලන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ධනුෂ්ක ගුණතිලක මහතා හට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් සිඩ්නි අධිකරණයේ පැවැත්වෙන නඩුව අවසන් වූ පසු ධනුෂ්ක ගුණතිලක මහතා වරදකරු වුවහොත් ඔහුට දඬුවම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වෙත අවශ්‍ය සියලුම සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.