hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 11, පෙ.ව. 11:35



මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සහභාගී සිටින කාළය තුළදී ක්‍රීඩකයින්ට එල්ල වු විනය විරෝධී චෝදනා සහ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයේ දී සිදු වු දේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඒ ක්‍රීඩා අමාත්‍යවරයා ලජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාලශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 නායක දසුන් ශානක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් කළමනාකරුගේ සහභාගීත්වයෙන්.

මෙම සාකච්ඡාවේ තොරතුරු මේවන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඕස්ට්‍රේලියාවේදී ඉඩම් විකිණීම සම්බන්ධ වී ඇතැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරනවා.

දසුන් ශානක එම තරගාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙළඳාම් සමාගමක් ප්‍රවර්ධනය කර ඇති බවට ද ඔහු චෝදනා කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළේ ඒ සම්බන්ධ වීඩියෝවක්ද ඉදිරිපත් කරමින්.

එම වීඩියෝව පහතින්,